අද මධ්‍යම රාත්‍රියේ සිට, පාන් රාත්තලක මිල රුපියල් 10 කින් ගණන් උස්සයි

0
348

තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසා සිටියි.

ඒ අනුව පාන් රාත්තලක මිල අද (28) මධ්‍යම රාත්‍රියේ රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර තිරිඟු පිටි කිලෝවක වෙළඳපොල මිල රුපියල් 17කින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.එසේම තිරිඟු පිටි ඉහළ යාමට අමතරව තිරිඟු පිටි හිඟයක්ද මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here