Tuesday, April 30, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ රටවලට විශේෂ දැනුම්දීමක්

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාතික කලාපීය රටවලට දැනුම්දීමක් කරනවා.

ලොව රටවල් කිහිපයකින්ම මේ වනවිට නව වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියා – පැසිෆික් කලාපයේ රටවලට දැනුම්දෙන්නේ මේ නිසා පරික්ෂාවන් මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ශක්තිමත් කොට එන්නත්කරණ ආවරණය ඉහළ නංවන ලෙසයි.

කලාපයේ බොහෝ රටවල කොරෝනා ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුණ ද, ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය මගින් අප තවදුරටත් වෛරසයට එරෙහි ආරක්ෂාවක් ලැබිය යුතු බව පෙන්වා දෙනවා.

මේ නිසා එම සෞඛ්‍යාරක්ෂණ පියවර තවදුරටත් අනුගමනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ.

විශේෂයෙන් වෛරසයට නිරාවරණය වීම වළක්වන මුව ආවරණ නිසි ලෙස පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් ඒ අතරින් වැදගත් වනවා.

මෙි අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් ලොව තවත් රටවල් කිහිපයකින්ම හමුවී තිබේ.

බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ඊශ‍්‍රායලය, චෙක්, ඉතාලිය යන රටවලින් ද මෙම ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇත.

ඒ අනුව එම ප්‍රභේදය තව දුරටත් ඇතුළු වීම සහ පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක පියවරවල් රාශියක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරමින් දැනුම් දී ඇත්තේ මෙම ප‍්‍රභේදය පිළිබඳ දැඩි සැලකිල්ලෙන් සිටින ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles