Sunday, September 22, 2024

අද මේ රට පාලනය කරන්නේ ජනාධිපති ගෝඨාභයවත් අගමැති මහින්දවත් නෙවෙයි බැසිල්

වත්මන් මුදල් අමාත්‍යවරයා ඇමති ධුරයක් දරන අමාත්‍ය මණ්ඩලයක නැවතත් අමාත්‍යධුරයක් දැරීමට තමා සූදානම් නැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තවමන් විසින් සිදු කළේ ජනමතයට අවංකවීමක් බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

අද රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවන බවත් රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ විසින් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත ඊයේ (07) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි ඉතාම පුරෝගාමීව කැපවෙලා නිර්මාණය කළ ජනවරමක‍්. ඒ ජනවරමේ අයිතිවාසිකමෙන් අපිට ගැළවෙන්න බැහැ. වගේම ඒ ජනවරමට සම්පුර්ණ පටහැනි අතකට මේ රටේ ආර්ථිකය ඇදගෙන යන්න හදනවා නම්, විශේෂයෙන් ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයා විසින් ඒ ජනමතය නිර්මාණය කරන්න කැපවෙච්ච අපිට ම ඒ තත්ත්වයට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න සිද්ධවෙනවා. ඒක අපි ඒ ජනමතයට අවංකවීමක්.”

ප්‍රශ්නය – ඔබතුමාට යළිත් අමාත්‍යධූරයක් දෙනවා කිව්වොත් භාරගන්න කැමතිද?

“කිසිසේත්ම වර්තමාන මුදල් අමාත්‍යවරයා, ඇමති තනතුරක් දරන අමාත්‍ය මණ්ඩලයක නියෝජිතයෙක් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒකට හේතුව අද මේ රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නෙමෙයි ඒ ලැබුණු ජනවරම පික්පොකට් ගහලා ඒ ජනවරමට පස්ස හරවලා මේ රට පාලනය කරන්නේ, බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා. ඇත්ත කතාව ගත්තොත් ඔහු ඇමරිකානුවෙක්. ඔහුගේ ජීවිතයේ සැදෑසමය ගෙවෙන්නේ අමෙරිකාවේ. ඇමරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ.”

ප්‍රශ්නය – මුදල් ඇමතිතුමා කියනවා සියලු වීථී ලාම්පු නිවාදමන්න කියලා. විදුලිබල ඇමති කියනවා අවශ්‍ය ඉන්ධන තියෙන නිසා විදුලිය ගැන ගැටලුවක් නැහැ කියලා?

“මෙතෙන ප්‍රශ්නේ තියෙන්නේ, විදේශ විනිමය හිඟ වීමේ ප්‍රශ්නය නේ. මේ රටේ මුදල් ඇමති ඒ අර්බුදයෙන් රට ගොඩගන්න නෙවෙයි වැඩකරමින් ඉන්නේ, ඒ විදේශ විනිමය අර්බුදය ව්‍යසනයක් දක්වා ඇදගෙන යෑම තමා ඔහු කරන්නේ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles