අද විවෘත වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ ගාස්තු අයකිරීම් ⁣මෙන්න

0
426

අද (15) විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ගාස්තු අයකිරීම් සිදුවෙන ආකාරය පහතින් දැක්වෙයි.

ඒ අනුව ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 100කි.

එහි උපරිම ගාස්තුව රුපියල් 250කි.

ඒ මීරිගමින් ඇතුළුවී කුරුණෑගලින් පිටවීමටය.

ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 250ක් අය කෙරේ.

ඇක්සල් දෙකේ රෝද හයේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 150කි.

මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 350ක් අය කෙරේ.

ඇක්සල් දෙකට වැඩි වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර රුපියල් 150ක ගාස්තුවක් අය කරයි.

එම වාහන සඳහා මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ආරම්භ වී යග්ගපිටියෙන් අවසන්වීමටත් රුපියල් 550ක ගාස්තුවක් අය කරයි.

ඊට අමතරව කුරුණෑගල සහ යග්ගපිටිය අතර ගාස්තුවක් අය කිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

මෙම ගාස්තු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here