අද සිට බස් ගාස්තු වැඩිවේ! මිල දර්ශනය සමඟ…

0
632

ලංගම සහ පෞද්ගලික බස් ගාස්තුව අද සිට ඉහළ යනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවූයේ සියයට 22 කින්. 

ඒ අනුව අද සිට අවම ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 ක් දක්වා ඉහළ යනු ඇති. උපරිම බස් ගාස්තුව රුපියල් 2,417 සිට රුපියල් 2,948 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඛාණ්ඩ 350 ක් යටතේ ගාස්තු සංශෝධනය කිරීමටයි ජාතික ගමනාගමන කොමිසම තීරණය කර ඇත්තේ. සුඛෝපභෝගී බස් ගාස්තුව ද අවමය රුපියල් 65 සිට උපරිමය රුපියල් 4,910 ක් දක්වා වැඩිවී තිබෙනවා.

අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුවද ඛාණ්ඩ 350 ක් යටතේ සංශෝධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. මීට සමගාමීව සිසු සැරිය බස් ගාස්තුව ද වැඩිවන බව ජාතික ගමනාගමන කොමිසම පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here