Friday, April 26, 2024

චීනය ආර්ථික පසුබෑම විවේචනය කරන වෙළඳපල විශ්ලේෂකයින්ගේ කටවල් වසයි

මෑත සතිවලදී චීනයේ ආර්ථික පසුබෑම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය කෙරෙහි රජයේ ප්‍රතිපත්ති සමාජ මාධ්‍ය තුල ඉස්මතු කිරීමෙන් පසු චීන සමාජ මාධ්‍යවල සුප්‍රසිද්ධ වෙළඳපල විශ්ලේෂකයෙකුගේ ගිණුම් අක්‍රිය කර ඇති බව වාර්තා වේ.

චීන බලධාරීන් රටේ දැඩි කොවිඩ් ප්‍රතිපත්තිවලට එරෙහිව හෝ එහි ආර්ථිකයේ දුර්වල තත්ත්වය පෙන්වා දෙන සියල්ලන්ම නිහඬ කිරීමට කටයුතු කරනු ලබන බව එරට ක්‍රියාකාරීහු පවසති.

ජාත්‍යන්තර සන්නිවේදන බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ පර්යේෂණ ප්‍රධානියා වන හොන් හාවෝ චීනයේ කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් විවිධ අනාවැකි සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් පසුව නෙරපා හරින ලද බවද වාර්තා වේ.

ඔහුගේ වෙබ් අඩවියේ අන්තර්ගතයන් අවහිර කර ඇත්තේ රජයේ අන්තර්ජාල සීමාවන් උල්ලංඝණය කර ඇති බව පවසමින් වුවද උල්ලංඝනය වූයේ කුමක් ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු සපයා නැති බව පැවසේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් චීනයේ ආර්ථිකය බිඳවැටෙමින් පවතින අතර ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් වැනි ප්‍රධාන අංශ රාශියක් වෛරසය පාලනය කිරීමේ රටේ දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles