Tuesday, September 24, 2024

අධ්‍යාපන ලැබෙන තුරු බලා සිටි ඩලස්ට සිදු වූ දේ

පසුගිය කැබිනට් සංශෝධනයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය ඩලස් අලහප්පෙරුම මහතාට බාරදීමට ජනපතිවරයා තීරණය කර ඇතත් ඇමතිවරයා ඊට දිගින් දිගටම අකැමැති ව ඇති බව වාර්තා වනවා.

ඩලස් සමඟ ජනපති වෙනුවෙන් අමාත්‍යාංශ මාරුව සම්බන්ධව කතිකාව සිදු කළේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයායි.

මේ ආණ්ඩුවේ මාධ්‍ය විෂය බාරගැනීමට සිටින සුදුස්සා ඩලස් අලහප්පෙරුම බව මහින්දානන්ද අලුත්ගමගේ ඔහුට දිගින් දිගටම පැහැදිලි කළ අතර අවසානයේ දී කෙසේ හෝ මාධ්‍ය ඩලස්ටම ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

මේ අතර ඩලස් අලහප්පෙරුම මහතා හට අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධව අදහසක් පැවති බවට දේශපාලන කරළියේ කතාවක් ද පැතිර ගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles