අධික රථවාහන තදබදය අද අපරටේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා. ඊයේ පෙරෙදා ශ්‍රී ලංකා ට්‍රැෆික් පොලීසිය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කල අඥාණ රථවාහන ධාවන සැලැස්ම, පොලිසියේ වෙනත් අඥාණ සැළසුම් මෙන්ම ලත් තැනම ලොප්වුයේ ට්‍රැෆික් වැඩිවීම නිසාය. ශ්‍රී ලංකා පොලීසියට් දැවැන්ත බුද්ධිහීනතාවයකින් පෙලෙන බව පැහැදිලිවම පෙනේ.
නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා නූගත් දෙශපාලකයින්ගේ අතවැස්සන්වීමට සිදුවීම නිසා උගත් තරුණ තරුණියන් පොලිස් සේවයේ රැකියාවක් ගැන සිතන්නේ නැත. පසුගිය කාළයේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට විවිධ අංශවල උගත්කම් ඇති, විදෙස් උපාධි පවා ඇති තරුණයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන්ම බැඳුනු අතර, ඔවුන්ගෙන් නිසි සේවය ලබාගැනීමට එම හමුදා සමත්විය. ඔවුන්ගේ සමත්කමත්, පොලිසියේ අසමත්කමටත් ප්‍රධාන හේතුවක් වන්නේ පොලිසියේ මොළේ ඇති අයගේ හිඟකමය.
උගත් දක්ශ තරුණ තරුණියන් පොලීසියට බැඳුනත් කටයුතුකරන්නට සිදුවන්නේ අඩු උගත්කමකින් යුතු දූශිත උසස් නිළධාරීන් සමග නිසා ඔවුන් වැඩිකල් නොගොස්ම ඉච්ඡාභංගත්වයට පැමිණ සේවයෙන් පලායනු ඇත. මෙනිසා ශ්‍රී ලංකා පොලීසියට බුද්ධිමත්ව කල්පනාකොට, ගැටලුවක සියලු මාන විමසාබලා, සියලු කරුණු ආවරණයවන පරිදී තීන්දුගැනීමේ හැකියාවක් නැත.
කෙසේවෙතත් මෙය පොලීසිය පිලිබඳව විවරණයක් නොව, රථවාහන තදබදය සඳහා යම් ප්‍රායෝගික යෝජනා සාකච්ඡාවකි.
මෙහිදී ප්‍රධාන ඇල්මැති පාර්ශව (stakeholders) කිහිපයක් හඳුනාගත හැකිය. පොදු ප්‍රවාහනසේවා භාවිතා කරන මහජනතාව, පුද්ගලික රථවාහන පදවන මහජනතාව, ත්‍රීවීලර් ඇතුලු කුලීරථ කරුවන්, බස් රියැදුරන්, ලොරි හා වෙනත් වාණිජ වාහන පදවන්නන්, ආණ්ඩුව හා විපක්ශයයි. මෙහිදී ආණ්ඩුව හා විපක්ශය විශේෂයෙන් නිර්වචනය කරන්නේ මෙම ලිපිය පවතින ආණ්ඩුවට පක්ශ හෝ විපක්ශ ලෙස හඳුනාගැනීමෙන් වැළකීම සඳහාය.
විපක්ශය යනු අද විපක්ශයට වැටී තිබෙන රාජපක්ශ මහතා හා ඔහුගේ හිතේසිවන්තයින් නොව, පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ශයේ නොවන කාණ්ඩයයි. දැන් ආණ්ඩු කරන්නේ කලින් සිටි විපක්ශයයි. එනම් විපක්ශය යනු, මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹිදා සිට ආණ්ඩුවෙන් පිට සිටි බහුතරය නැති කණ්ඩායමය. ඒ අනුව ආණ්ඩුව වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ශයයි. කලින් එය රාජපක්ශලාගේ වූ අතර දැන් එය මෛත්‍රී/රනිල් සතුය.
අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා කුමක් කල යුතුද?
1] මිනිසුන් වාහන ගැනීම අඩුකිරීමට අධික බදු පැනවිය යුතුද?
උත්තරය – කිසිසේත්ම නැත යන්නයි. මෙම විසඳුම බුද්ධිමත් විසඳුමක් නොව, ශ්‍රී ලංකා පොලීසිය ගන්නා තීන්දුමෙන් විෂම තීන්දුවකි.
කාරයක්, වෑන් රථයක් හෝ මෝටර් බයිසිකලයක් යනු සුඛෝපභෝගී භාණ්ඩ නොව, නූතන ලෝකයේ ජිවත්වන මිනිසුන් හට අත්‍යාවශ්‍ය රූපවාහිණිය, දුරකථනය, පරිගණකය මෙන්ම මෙවලමකි. සෑම පුරවැසියෙකුටම සාධාරණ මිලකට තමන් කැමති ආකාරයේ රූපවාහිණියක්, දුරකථනයක්, පරිගණකයක්, ඇඳුම් ආයිත්තම් ගැනීමට අයිතිය හා නිදහස ඇතුවාසේම ඔවුනට වාහනයක් ගැනීමේ අයිතිය, එය පැදවීමේ අයිතිය තිබිය යුතුය.
මෙම අයිතිය විරුද්ධ වන්නේ මෝඩ පැලැස්තර දේශපාලකයින් හා අනුන් වාහනයක් ගන්නවාට අකමැති කුහකයින්ය. මම මාගේ වාහනය පදවාගෙන අද උදෑසන වැඩට යනවා මෙන් ඕනෑම කෙනෙකුට තමන්ටම වාහනයක් ගෙන එය පදවාගෙන වැඩට හෝ වේන ඕනෑම තැනකට යමට අයිතිය තිබිය යුතුය.
එම අයිතිය නැතිකරන නැතහොත් අසාධාරණ කෘත්‍රිම බාධක දමා එම අයිතිය ධනවතුන්ට පමණක් සීමා කරන්නට (ධනවතුන් 1000% ප්‍රතිශතයක් හෝ බදුගෙවා තමන් කැමති වාහන මිලිදී ගනු ඇත) උත්සහ කරන්නේ කයින් විසි එක්වැනි ශතවර්ශයේ ජීවත් වුවත් සිතුවිලි හා ආකල්පවලින් වැඩවසම් යුගයේ දිවිගෙවන්නන් බව මාගේ හැඟීමයි.
2] වාහන සිමා කරන්නේ නැතුව, ඉක්මණින් තදබදය අඩුකරන්නේ කොහොමද?
උත්තරය – සරල විසඳුම් කිහිපයකින් තදබදය යම් ආකාරයකට කළමණාකරණය කල හැකිය.
එහෙත් ඒ සඳහා ආණ්ඩුවට දේශපාලන කශේරුකාවක් තිබිය යුතු අතර විපක්ශයේ සුපුරුදු විරෝධතාවලට මෙන්ම වෙනත් වෙළඳ සංගම්වල විරෝධයට හා බලපෑම්වලට යටත් නොවී ක්‍රියාත්මක වීමට හා විවේචනවලට පැහැදිලි ලෙස පිලිතුරු දීමට හැකියාව ඇතිවුන් මෙම සැළසුම්වල ප්‍රවර්ධකයින් ලෙස පත්කල යුතුය. (රාජපක්ශ රජය මෙය ඉතා හොඳින් කලබව කිව යුතුය )
පලමුවැනි යෝජනාව – කන්ටේනර්, ලොරි වෙනත් බරවාහන හා ඉඩම් වාහන උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා හා සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහමාර්ගවලින් ඉවත්කල යුතුය. මෙවැනි විශාල වාහන මන්දගාමී වන අතර විශාල ඉඩක් ගැනීම නිසා මහාමාර්ග තදබදය වැඩිවේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ධාවනය වන බොහොමයක් බරවාහන නිසි නඩත්තුවක් නොමැති අබල දුබල ඒවාවේ.
එමෙන්ම බොහෝ බරවාහන රියැදුරන් පිටුපසින් එන සැහැල්ලු වාහන ඉස්සර කරගෙන යෑම වලක්වා කෙසේ හෝ ඒවා තමන් පිටුපසින් ධාවනය කිරීමට සිදුවන ලෙස හෝ ඉතාමත් අණතුරු දායක ලෙස ඉස්සර කිරීමට පෙළඹෙන ලෙස මග අවුරාගෙන ගමන් කරමින් මහා කාළකණ්නි සතුටක් ලබන බව මා බොහෝ වර අත්දැක තිබේ. මෙය භයානක මානසික රෝගයක් වන අතර මෙම කාළකණ්නි රෝගය නිසා ඉස්සර කිරීමේදී ඉදිරියෙන් එන වානයක ගැටී අණතුරට පත්වන වාහන ප්‍රමාණය විශාලය. මරණීය අණතුරු වැඩිවශයෙන් සිදුවන්නේද බර වාහන ඉස්සර කිරීමේදී බව මගේ හැඟීමයි.
බොහෝ රටවල් තදබදය ඇති කාළවේලාවන් තුලදී (rush hours) මෙම නීතිය ඉතා සාර්ථකව සාර්ථකව ක්‍රියාත්මක කිරීම මීට දශක කිහිපයකටම පෙර සිට කලද ලංකාවේ ලොරි මුදලාලිලාගේ මාෆියාව මෙන්ම විවිධ වාණිජ සංගම්ද මෙයට විරුද්ධවන්නේ ලොරි රියැදුරන්ට ගෙවීමට සිදුවන අතිකාල දීමනා සඳහා වන අමතර වියදම අඩුකර ගැනීමටය. රටට මොනවාවුවද කෙසේහෝ කීයක් හරි ඉතුරු කරගැනීම මොවුන්ගේ අරමුණය. එබැවින් ලෝක සම්මත මෙම සරල නීතිය ක්‍රියාත්මක කරගැනීමට ශ්‍රී ලංකාවේ රජයකට ඉතා ශක්තිමත් දේශපාලන කශේරුකාවක් අත්‍යාවශ්‍යය.
දෙවැනි යෝජනාව – ඉතා සැළසුම් සහගතව එක් අතකට පමණක් රථවාහන ධාවනය සිදුකරන ආකාරයට ධාවන තීරු වෙනස් කිරීම. මෙය පොලිසියට කිසිසේත් භාර නොදිය යුතු අතර එය මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම අංශයේ විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු අතර තීන්දු ගැනීම ඔවුන්ට භාර කල යුතුය. සකස්කල එම සැළසුම් අකුරටම ක්‍රියාත්මක කිරීම පොලීසියේ වගකීම වන අතර අත්තනෝමතික ලෙස මෙම සැළසුම් වෙනස් කිරීමේ බලය පොලීසියට නොදිය යුතුය.
උදාහරණයක් ලෙස බත්තරමුල්ල කඩුවෙල මාර්ගයේ පොල්දූව පාලම (දියත උයන අසල නව පාලම) සිට කොස්වත්ත හන්දිය දක්වා මාර්ගය කඩුවෙල දෙසට එක් අතකට ධාවනයට සලස්වා කඩුවෙල සිට බත්තරමුල්ල/රාජගිරිය දෙසට එන වාහන කොස්වත්ත හන්දියෙන් (ඔඩෙල් හන්දිය) පාර්ලිමේන්තු පාර ඔස්සේ පොල්දූව පාලමවෙත පැමිණීමට සැළස්විය හැකිය. එවිට කොස්වත්ත හන්දියේ හා බත්තර මුල්ල හන්දියේ උදේ පාන්දර හා සවස ඇතිවන අධික තදබදය අවම කරගත හැකිය.මෙය එක් සරල උදාහරණයක් පමණකි.
තෙවැනි යෝජනාව – නිතිපතා, උදයේ 6.00 සිට රාත්‍රී 8.00 පමණවන තෙක් කොළඹ ප්‍රධාන මාවත්වල නිරන්තරයෙන් සැරිසරමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන්, තදබදය ඇතිවන ලෙස වාහන නවත්වා යන රියැදුරන් මෙන්ම මන්දගාමීව කොටමින් ධාවනය වන බස් රථ රියැදුරන් අල්ලා නඩු දැමිය හැකි ට්‍රැෆික් පොලිස් මුර සංචාර සේවයක් (highway patrol service) ඇතිකල යූතුය. මේ සඳහා සවිස්තර සැළසුමක් නිර්මාණය කොට ආවරණය කල යුතු මාර්ග තීරණය කොට අවශ්‍ය සම්පත් (නිළධාරීන්, බයිසිකල්, ඉන්ධන ) ලබාදිය යුතුය.
දැන් ට්‍රැෆික් පොලීසිය සිදුකරන, තැන් තැන් වල සැඳවී සිටිමින් වැරදිකරුවන් හොයන නිවට ක්‍රියාමාර්ගයෙන් වහාම ඔවුන් ඉවත් කල යුතුය. ට්‍රැෆික් පොලීසිය යනු එක් තැනකට සීමාකල යුතු සම්පතක් නොවේ. ඔවුන් සෑම විටම සංචරණයේ යෙදෙමින් රාජකාරිය කල යුතුය.
සිවුවැනි යෝජනාව – නිතරම මාර්ගනීති උල්ලංඝනය වන ස්ථානවල, තදබදය ඇති හංදිවල කැමරා සවිකොට එම කැමරාවල සටහන්වන මාර්ගනීති උල්ලංඝණය කරන රියැදුරන් සියලුම දෙනාට නඩු පැවරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුය. එවිට එක් තැනක සැඟවී සිටිමින් කරන ඇල්ලීම්වලින් ට්‍රැෆික් පොලිස් නිළධාරීන් පහසුවෙන් නිදහස් කල හැකි අතර නීත්‍යානුකූල සාක්ශි සහිතව වරදකරුවන් කෙලින්ම උසාවියට ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය හැකිය.
පස්වැනි යෝජනාව – ටැෆික් පොලීසිය මහාමාර්ගවල අයිතිකරුවන් ලෙස රඟපාන නිවට භූමිකාවෙන් වහා නෙරපාදැමිය යුතුය. මහාමාර්ගවල අයිතිකරුවන් වන්නේ බදුගෙවන මහජනතාව මිස අඩු-උගත්කමක් හා අතිමාන්නයක් ඇති ට්‍රැෆික් පොලීසිය නොවේ. මෙයද දැඩි දේශපාලන කශේරුකාවකින් ක්‍රියාත්මක කලයුතු විසඳුමකි. ඒ මන්ද යත්, මෙම නියෝගය ආපසු හරවාගැනීමට ට්‍රැෆික් පොලීසිය දැමිය හැකි උප්පර වැට්ටි සියල්ලම දමනු ඇත. සැඟව සිට ඇල්ලීම ට්‍රැෆික් පොලීස් මහතුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයබව නොදන්නේ පොලිස්පතිතුමා පමණක් බව මට විශ්වාසය.
සයවැනි යෝජනාව – ලංකාවේ කාර්යාල හා පාසැල් ආරම්භවන වේලාවන් රථවාහන තදබදය කළමණාකරණය කරගත හැකි ආකාරයට වෙනස් කල යුතුය. උදාහරණයක් ලෙස දැන් පාසැල් පටන්ගන්නේ 7.30ටය. රැකියා ස්ථාන උදෑසන 8.00 සිට 9.00 දක්වා හිතූ හිතූ වේලාවල්වලට ආරම්භවේ. සේවකයින්ගේ පැය 8 රාජකාරි වේලාව, කෑම පැය, වේ විවේකය යනාදිය සාප්පු හා කාර්යාල සේවක පනතේ () දක්වා ඇතත් ඒ පිලිබඳව නිසි අවධානයක් යොමු නොවීම නිසා විවිධ ආයතන ප්‍රධානීන් තමන්ට කැමති ලෙස ඒවා නිර්වචනය කරගෙන සිටී.
මෙය වහා වෙනස් කල යුතුය. සෑම කාර්යාලයක්ම සේවා මුරයේ ආරම්භය පෙරවරු 8.30 සිදු නොකල යුතු බවට ආඥාවක් පැනවිය යුතුය. කාර්යාල 8.00 පටන් ගැනීමත් පාසැල් 7.30ට පටන් ගැනීමත් නිසා පාසැල් සිසුන් ගෙනයන දසදහස් ගණන් පාසැල් වෑන් රථවැනි වාහන වලට 8.00 වැඩට යන සේවක සේවිකාවන් ලක්ශ ගණනක් ගෙනයන වාහන දසදහස් ගණනක්ද එකම වේලාවට පාහේ කොළඹට ඇතුලුවීමට උත්සහ කරයි.
පාසැල් ආරම්භ වේලාව හා කාර්යාල ආරම්භ වේලාව අතර අඩුම ගණනේ පැයක වත් පරතරයක් පවත්වා ගතහොත් පාසැල් සිසුන් ගෙනයන වාහන පාසැල්වලට ලඟාවූපසු කාර්යාල සේවකයින්ට සිය වාහන මහාමාර්ගයට ගැනීමට හැකිවීමෙන්, වාහන තදබදය කළමණාකරණය කරගත හැකිය.
මේවා ඉතා සරල, සුළු ප්‍රාග්ධනයක් වැයවන, ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කල හැකි විසඳුම්ය. මීට අමතරව පොදු ප්‍රවාහනය දියුණු කිරීම වැනි මැදකාලීන ව්‍යාපෘතිද ක්‍රියාත්මක කල යුතුය.
මූලාශ්‍රය – විද්‍යා ගවේශණ බ්ලොග් අඩවිය (http://vidya-gaweshana.blogspot.com/2015/10/what-to-do-for-traffic-gridlock-in.html)