Thursday, May 2, 2024

කොළඹ මළ නගරයක් නොකල යුතුයි – චම්පික

රු.මිලියන 58 ක වියදමින් ඉදිකෙරුණු හෝමාගම සතිපොළ අද (18) උදාෑසන 8.20 ට විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිනx මෙහි වෙළෙද කුටි 340 ඉදිකර ඇත.
ඒ වෙනුවෙන් එවකට කටයුතු කල හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාට හිටපු ලේකම් ගෝඨභය රාජපක්‍ෂ මහතාට සිය ස්තූතිය පලකල අමාත්‍යවරයා සදහන් කර සිටියේ බාහිරින් අලංකාර අතීත සංවර්ධනයේ අභ්‍යන්තරය බියකුරු බවත් ඒ සදහා රටට විශාල ණය බරක් එකතු වී ඇති බවයි.රටට අවශ්‍ය වන්නේ මහජන මුදල් නාස්ති වන සුදු අලි වැනි ව්‍යාපෘති නොව රටට අදායම් ලැබෙන ව්‍යපෘතීන්ය. ඒ සදහා තම අමාත්‍යංශය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ඇමති චම්පික මෙහිදී පැවසීය.
නාගරික සංවර්ධනය බස්නාහිර පලාතට පමණක් සීමා නොවී ඒ හා සමගාමීව අනෙකුත් පලාත් වල පරිවාර නගර සංවර්ධන වැඩපිළිවෙලක් කෙටිකලක් තුල හදුන්වා දෙන බවත් මෙහිදී අමාත්‍යවරයා සදහන් කර සිටියේය. එහිදී කොළඹ නගරයේ ප‍්‍රවාහණ ගැටළුවට විසදුම් ලබාදීම ප‍්‍රමුඛ කාර්යයක් වේ. අද වන විට දිනකට වාහන ලක්‍ෂ 05 ක් කොළඹට ඇතුල් වේ. කොළඹ ප‍්‍රධාන මාර්ග 07 න් 85‍්‍ර ක්ම භාවිත කරන්නේ 40‍්‍ර ක සෙනගක් කොළඹට රැගෙන එන පෞද්ගලික ප‍්‍රවාහණයයිx බස් සහ දුම්රිය භාවිතය සදහා ඇති පහසුකම් 2000 වසරේ ප‍්‍රමාණයටත් වඩා අද වන විට අඩු වී ඇති බව ඇමති චම්පික පෙන්වා දෙයි.
ජනප‍්‍රිය විසදුම් රැුල්ලෙන් මිදී මහජනතාව සමග බද්ධ වන ස්ථාවර ප‍්‍රවාහණ විසදුමක් අත්‍යවශ්‍ය බවත් එය ඊට අනුබද්ධ ආයතන සහ විද්වතුන්ගේ අදහස් මත ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරිමට කඩිනම් වැඩපිළිවෙල සක්ස් කරන බවත් ඇමති චම්පික පෙන්වා දුන්හග

දරුවන්ට විශ්වය ජයගත හැති රටක් නිර්මාණයට නම් වරාය හා ගුවන් තොටුපල හා තාක්‍ෂණය මූලික කර ගත් ආර්ථික ශක්තිය රටට එකතුගත යුතුයි. කොළඹ තුල ඉදිවන මහා නගර කලාප 03 හි දී මෝදර සිට වැල්ලවත්ත දක්වා දිවෙන වරාය නගරයක් (දැනට චිනයෙන් ඉදිවන වරාය නගරය නොව විධිමත් සහ රටට ආර්ථික ප‍්‍රතිලාභ ගෙනෙන වරාය නගරයක් ), කටුණායක ආශ‍්‍රයේ ඉදිකෙරෙන ගුවන් නගරයක් සහ මාලබේ හෝමාගම මැදි කරගත් තාක්‍ෂණ නගරයත් මීට ප‍්‍රමුඛ පිටුවහලක් වන බව ඇමති චම්පික රණවක මෙහිදී අවධාරණය කර සිටියේය.

බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිස නව පොළ විවෘත කරමින්
බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිස නව පොළ විවෘත කරමින්

කලාන්තරයක් තිස්සේ දැඩි අසීරුතාවයන් මධ්‍යයේ ක‍්‍රියාත්මක වූ හෝමාගම පොළ භූමිය තුළ වැසි දිනයන් හි මඩවතුර ගැලීමෙන් හා භූමියේ ඉඩකඩ සීමාවීමෙන්  මහජනතාවට මෙන්ම වෙළඳ ප‍්‍රජාව ද මහත් අසීරුතාවයකට පත්ව සිටියහ.  තවද හෝමාගම දුම්රිය ස්ථානය, පාසල්, අනෙකුත් රාජ්‍ය ආයතන රැුසක් හෝමාගම සති පොළ ආසන්නයේ පිහිටා ඇති හෙයින් පොළ පවත්වන දිනයන්හි  දැඩි වාහන තදබදයක් මේ ප‍්‍රදේශයේ ඇතිවේ. මේ අනුව මෙරට නාගරික පද්ධතිය දිනෙන් දින දියුණු වෙද්දී නගර මධ්‍යයේ හෝ ප‍්‍රධාන මාර්ගයකට ආසන්නව පැවති ජනතා පොළ විධිමත් ලෙස සංවර්ධනය වීමේ අවශ්‍යතාව මතු විය. මේ පිළිබ`දව විශේෂ අවධානය යොමු කළ නාගරික සංවර්ධන අධිකාරිය, පොළ යන සංකල්පයට නව අරුතක් ලබා දෙමින් නවීන තාක්‍ෂණය ද උපයෝගී කර ගනිමින් නව්‍ය අයුරකින් දිවයින පුරා ඉදිවන පොළ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කොට, මේ වන විටත් ප‍්‍රධාන නගරයන් ආසන්නයේ ඇති සතිපොළවල් ගණනාවක වැඩ නිම කර ඇති අතර ඇඹිලිපිටිය, ඇහැලියගොඩ, අත්තිඩිය, දෙල්කඳ හා පාදුක්ක යන පොළවල් ජනතා අයිතියට පත් කර ඇත.

මෙම පොළ භූමියේ රථවාහන නැවතුම්පොලක්, වැසිකිලි පද්ධතියක් හා වැසිජලය බැසයාම සඳහා කාණු පද්ධතියක් ද ඇතුළත් වේ. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි. 

නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ නිරන්තර අධීක්‍ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු ඉතාමත් කෙටි කාලයක් තුළදී සිදුකිරීමට හැකියාව ලැබුණු අතර මෙමගින් හෝමාගම, කිරිවත්තුඩුව, හබරකඩ, පිටිපන යන ප‍්‍රදේශයන් හි ජීවත්වන ජනතාවට ඍජුවම ප‍්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම අවස්තාවට බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය බස්නාහිර පලාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි බස්නාහිර පලාත්සභාවේ විපක්‍ෂ නායක මංජු ශී‍්‍ර අරංගල පලාත්සභා හා පලාත් පාලන ආයතන නියෝජිතයන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප‍්‍රනාන්දු වෙළෙදසැල් හිමියන් ඇතුළු ප‍්‍රදේශවාසීන් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles