අන්තවාදීන් හා දීග කන්න හදන පිරිසක් වත්මන් ආණ්ඩුවේ ඉන්නවා අමාත්‍ය විමල්

0
432

අනාගතයේදී ඉස්ලාම් අන්තවාදීන් සමග දීග කන්න බලාගෙන සිටින පිරිසක් වත්මන් ආණ්ඩුව තුළ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09 වැනිදා) ‘ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට’’ යන මැයෙන් කොළඹ දී සිදු කළ දේශනයකදීය.

මෙහිදී ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ඇත්ත අවතාර, න්‍යායාචාර්යවරු, මහ මොළකරුවන් කිසිවකු ගැන පාස්කු කොමිසමේ වාර්තාවෙන් සඳහන් කර නොමැති බවය.

එසේම රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම්, එම්.එල්.ඒ එම්. හිස්බුල්ලා, අසාද් සාලි යන දේශපාලනඥයන් පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බවත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය.

මෙම ප්‍රහාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහෙය වූ බවටත්, ඇවන්ට්ගාඩ් ඒ සඳහා මුදල් දුන් බවටත් විපක්ෂය කතා පතුරුවන බවත් ඔවුන්ගේ ආණ්ඩු සමයේ ඒ පිළිබඳ නීතිමය පියවර නොගත්තේ මන්දැයි ඇමැති විමල් වීරවංශ මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. මුලාශ්‍ර-අරුණ පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here