Sunday, June 2, 2024

කෝප් කමිටු වාර්තාවක් පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව වන සැසිවාරයේ පළමු වන වාර්තාව අද (10) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කරනවා.

එතුල විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06ක් ඇතුලත්ය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමාසහිත ගල්අඟුරු සමාගම 2009 වසරේ සිට 2016 ජුනි දක්වා ගල්අඟුරු ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලශක්ති පිලිබඳ අංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන විශේෂ විගණන වාර්තාව මින් එකක් ය.

ඊට අමතරව මධ්‍යම අධිවේගයේ ශක්‍යතා අධ්‍යනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිලිබඳ විශේෂ වාර්තාව ඇතුලත්ය.

ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා එහි පාරිසරික බලපෑම සම්බන්ධ විගණකාධිපති විශේෂ වාර්තාව, කැලණි ගඟේ දූෂණය සම්බන්ධ විශේෂ විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

2016 වර්ෂය තුළ දී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා වූ ලොතරැයි පත් මුද්‍රණය හා භාර දීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය ඉටුකර ඇති කාර්යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ද අද දිනයේ ඉදිරිපත් කරන වාර්තා අතරට ඇතුළත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles