Sunday, May 19, 2024

මනාලයාට කොරෝනා

අක්මීමන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයින් 11දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසුවේ මින් එක් සේවකයෙකුගේ මංගල උත්සවය අක්මීමන ප්‍රදේශයේ පැවැති අතර, මනාලයා වන එම සේවකයාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

එම මංගල උත්සවයට සහභාගි වූ 30දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව වෛද්‍ය වෙනුර කේ. සිංගරාච්චි මහතා පැවසීය.

ඔහු සේවය කළ ගබඩා අංශයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා මනාලයාද පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඇත.

මනාලයා මනාලිය කැදවාගෙන සිය නිවසට එන දින පි.සි.ආර්. පරික්ෂණ ප්‍රථිපල ලැබි ඇති අතර, ඒ අනුව මනාලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයෙකුගේ දරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් පසු එම සේවකයා ද පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ.

එහිදී ඔහුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අනතුරුව කර්මාන්ත ශාලාවේ සේවකයින් 17දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති අතර, ඉන් සේවකයින් 11දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles