Saturday, September 21, 2024

අනුරාධපුර ජලාශ සිදීයාමේ තර්ජනයක

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බලපැවැත්වෙන නියං කාල ගුණ තත්ත්වය නිසා සමස්ථ වැව් පද්ධතියේ ජල ධාරිතාවයන් සීග්‍රයෙන් පහළ වැටීමේ තත්ත්වයක් උද්ගත වී තිබේ.

පහත දැක්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වාරිමාර්ග දෙපාර්තෙම්න්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 13 ක වත්මන් ජල ධාරිතාවයයි.

ජලාශය		මුළු ධාරිතාවය (අක්කර අඩි)	     වත්මන් ධාරිතාවය (අක්කර අඩි)

පදවිය		85000			13325
නුවරවැව		36050			14930
රාජාංගනය		81603			41040
තිසාවැව		3500			655
හුරුළු වැව		55000			18000
නාච්චාදූව		45150			11900
වාහල්කඩ		43000			21518
අභයවැව		1910			350
මහකනදරාව	36250			11900
අංගමුව		14400			810
තුරුවිල		8157			4301

වත්මන් ජල තත්ත්වය පිළිබදව දිනමිණට අදහස් පළකළ අනුරාධපුර දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි පැවසුවේ මෙවර මෝසම්වැසි ඔක්තෝබර් මැද වනවිට නොලැබී ගියහොත් මෙම නියං සමය තව දුරටත් දික් ගැස්සීමට ඉඩ තිබෙන බව සදහන් කළේය.

මෙම තත්ත්වයට සුදානම් වීමක් වශයෙන් දැන් සිටම වැව්වල ජලය ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට දිස්ත්‍රික්කයේ ජනතාව කැප වීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

වගා කටයුතු සීමා කොට පානීය ජලය ප්‍රමාණවත් වැව් වල රදවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද මෙම පසුබිම තුළ වැව් ආශ්‍රිත ධීවර කටයුතු සිමා කිරීමට පියවර ගෙන ඇති බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර නගරය හා අවට ප්‍රදේශයේ ලක්ෂ 3 කට අධික ජනගහණයකට පානිය ජලය ලබාදෙනු ලබන්නේ නුවරවැව, තිසාවැව සහ තුරුවිල ජලාශ මගිනි.

ජලාශවලින් ජලය බෙදා හැරීම තවමත් සාමාන්‍ය අන්දමින් සිදු කෙරෙන බවද ජල පිරිපහදු කපා හැරීමකින් තොවර සිදු කෙරෙන බවද අනුරාධපු ජල සම්පාදන හා ජලාපවාහනය මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු ප්‍රසන්න ජයතිලක සදහන් කළේය.

අනුරාධපුර නුවරවැවෙන් දිනකට ජලය ඝන මීටර් 13000 ක් පිරිපහදු කර පානීය ජල අවශ්‍යතා සපුරාලීම සදහා බෙදා හරින බවද කෙසේ වෙතත් නුවර වැව ජලාශයෙන් මේ ආකාරයට ජලය බෙදා හැරීම සිදු කළ හැකි වන්නේ වත්මන් ඉඩෝර කාලගුණික තත්ත්වය යටතේ තවත් මාසයක කාලයක් සදහා පමණක් බව ඔහු අවධාරණය කළේය.

පවත්නා පසුබිම තුළ වැසි නොලද හොත් තිසා වැවෙන් හා තුරුවිල වැවෙන් දැන් බෙදා හරින ආකාරයට ජලය පිරිපහදු කර බෙදා හැරීමට හැකි වන්නේ සති තුනක පමණ කාලයකට බවද දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේය.

එම නිසා මෙම ජලය භාවිතා කරන ජනතාව අත්‍යාවශ්‍ය කටයුතු වලට පමණක් නල ජලය යොදා ගැනීමට ක්‍රියා කළ යුතු බවත්, මල් පාත්ති වලට ජලය යෙදීම වැනි අත්‍යාවශ්‍ය නොවන කරුණු සදහා මෙම පිරිපහදු ජලය භාවිතා කිරිමෙන් වැළකී සිටිය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles