Sunday, January 12, 2025

අපනයන සංවර්ධන වෙබ් අඩවියෙන් අපනයන දත්ත

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එළිදක්වනු ලබන, 2015 වසරට අදාළ අපනයන අගයන් පිළිබඳ වාර්ෂික වාර්තාව නිකුත් වී ඇති බව එම මණ්ඩලය පවසයි. මෙරට නිෂ්පාදන සහ සේවා අපනයනකරුවන් සඳහා පහසුකම් සලසන්නා වූ ප්‍රමුඛ රාජ්‍ය ආයතනය වන එම මණ්ඩලය මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන අතර නොමිලයේ පරිශීලනය වෙනුවෙන් මෙවර එය දෙවැනි වරටත් අන්තර්ජාලයට එක්කර තිබීම විශේෂත්වයක් බවද පෙන්වා දෙයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් බිහිදොර වන www.srilankabusiness.com  හරහා අපනයන දත්ත අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර, http://stat. srilankabusiness.com/epi2015 හරහා අදාල දත්ත සඳහන් වෙබ් පිටුව සඳහා සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව හිමිවන බවද ඔවුන් පවසයි.

එහිදී, ගාස්තු අය කිරීමකින් තොරව මෙම දත්ත ලබාගත හැකි අතර, සාමාන්‍ය කොටස් කිරීමේ සිට වඩා ගැඹුරු කොටස් කිරීමේ තලයන් දක්වා පරාසයක මෙම දත්ත අන්තර්ගත කර ඇති බවද එම මණ්ඩලයේ ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සංවර්ධන අංශය පවසයි.

2015 න් අවසන් වූ දශකයක කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් සහ ප්‍රවණතා, ප්‍රධාන නිෂ්පාදන ක්ෂේත්‍ර සහ උපක්ෂේත්‍ර, වෙළෙඳ පොළ අනුව, වෙළෙඳ පොළ සාන්ද්‍රතාවය සඳහා නිෂ්පාදන විවිධාංගීකරණය පිළිබඳ අධ්‍යයනයන්ද, ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදකයන්ගේ ගෝලීය ඉල්ලුම පිළිබඳ වත්මන් ප්‍රවණතා හා උසස් තාක්ෂණයෙන් යුතු අපනයන නිෂ්පාදන සහ අනෙකුත් අපනයනවලට අදාළ තොරතුරුද මෙම නවතම මුද්‍රණයේ අන්තර්ගත බවද පෙනවා දෙයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles