අප්‍රසිද්ධියේ අවසන් ගමන් ගිය ලංකා දියණිය ඕෂධි කුරුප්පු

0
284

ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ ඕෂධී කුරුප්පු ඉකුත් 08 වෙනිදා සිය ජීවන ගමනින් සමුගත්තා.

අභාවප්‍රාප්ත වන විට 27 වැනි වියෙහි පසු වූ ඕෂධී කුරුප්පු හට 2020 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී තිබූ බවට හඳුනාගත් අතර වසර දෙකක් එයට එරෙහිව සටන් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඕෂධී, කුඩා කළ සිට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දස්කම් දැක්වූ අතර එම නිසාවෙන් 2015 වසරේ දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියට පිවිසීමට ඇයට හැකි විය.

ඇය 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතය නියෝජනය කළ අතර කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here