අප්‍රිකානු රටවල වගෙ මැටි රොටි කන, ලේ බොන රටක් බවට ලංකාව පත් වෙමින් තිබෙනවා – මැදගොඩ හිමියෝ කියති

0
411

දකුණු අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල දේශපාලන සමාජ ආර්ථික තත්වයට ශ්‍රී ලංකාව ද සමාන වෙමින් පවතින බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කළහ.

මැටි රොටී කන, සතුන්ගේ ලේ බොන ඇතැම් රටවල් එම කලාපයේ ඇති බවත් ජනතාව කුසගින්නේ සිටින රටවල් එම කලාපයේ ඇති බවත් පැවසූ වහන්සේ ශ්‍රී ලංකාවද මේ ගමන් කරමින් තිබේ දිසාවට බවද කියා සිටියහ.

ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව වැහරලි ඇදගෙන අපිරිසිදුවට සිටින මිනිසුන් ඒවායේ ඕනෑතරම් ඇතැයි ද උන්වහන්සේ කීහ.

අපේ රටද එතනට දවසින් දවස ළඟා වෙමින් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

උත්සව සභාවක් අමතමිනි උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

‘තව කාලයක් යනකොට අපේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි. ටික කාලෙකින් අපේ රට අන්ත අසරණ අප්‍රිකානු රාජ්‍යයක් බවට පත්වෙයි. එළවළු බෑග් එකක් ගේන්න සල්ලි බෑග් එකක් පොළට අරන් යන්න වෙයි’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here