Tuesday, May 14, 2024

LPL පළමු ජය Galle Galdiators කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ දින ආරම්භ වූයේ අලංකාර සමාරම්භක උත්සවයකිනි.
 පැරා ඔලිම්පික් හි රන් සම්මාන ලාභි දිනේෂ් ප්‍රියන්ත රණවිරුවන්ගේ සුරතින් එය ඇරඹීම විශේෂයකි.

LPL ක්‍රිකට් තරගවලියේ පළමු තරගය ඊයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කළහ.

එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ 56ක් රැස්කළ අතර සමිත් පටෙල් නොදැවී ලකුණු 42ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18 පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණි.විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සමිත් පටෙල් කඩුළු 3 ක් බිද හෙළීය.

මෙම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලබාදීමටය.

එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ 56ක් රැස්කළ අතර සමිත් පටෙල් නොදැවී ලකුණු 42ක් රැස් කළේය.

පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ජේඩන් සීල්ස් කඩුලු 3ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles