අපි පෙන්නුවේ පොඩි දෙයයි. අපිටත් වැඩ කරන්න පුළුවන් – ජොන්ස්ටන්

0
322

සමගි ජන බලවේග කාර්යාලය අසලට පැමිණ පෙන්නුවේ පොඩි දෙයක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

“ඔබලා කරන දේවල්වලට අපිටත් වැඩ කරන්න පුළුවන් ” යැයිද ඔහු  එහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එම පක්ෂයේ ඇතුල්කෝට්ටේ ප්‍රධාන කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අවස්ථාවේදීය.

ඒම සංවාදය මෙසේ ඇති විය.

කාවින්ද ජයවර්ධන මහතා:

කණ්ඩායමක් සමගි ජන බලවේගයේ කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළා. මෙවැනි දේවල් අනුමත කරන්න බැහැ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

“තරුණ මන්ත්‍රීතුමා කිව්වා එතුමාල් කාර්යාලයට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කළා කියලා. අර ඔබතුමාලගේ කාන්තාවන්ගේ නායිකාව අපේ ගෙවල්වලට කරන්න ආරාධනා කළ විදිය දැක්කනේ.. ඒ වැඩ හරිද?”

” හොඳට මතක තියාගන්න. ඔබතුමා ගන්න තීන්දු තීරණවලට අපිටත් වැඩ කරන්න පුළුවන්. අපි ඔයාලගේ කාර්යාලයට ඇවිල්ලා පෙන්නුවෙ ටිකයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here