Friday, May 17, 2024

ඌරු හදවත් බද්ධයකට ලක්වුණු ලොව පළමු මිනිසා මියයයි

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව පළමු පුද්ගලයා මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් පෙළුනු අයකු වූ අතර විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් එක් වී, බෙනට්ට සරිලන ආකාරයට පර්යේෂණාගාරයක් තුළ ඌරකුගේ සිරුරේ ජාන වෙනස් කර හදවත් නිර්මාණය කළ අතර, පසුව එය බෙනට්ට බද්ධ කෙරුණි.

එය වෛද්‍ය විද්‍යාවේ පෙරළියක් ලෙස සැලකු අතර ඒය සිදු වූයේ පසුගිය ජනවාරි 7 වැනිදාය.

වෛද්‍යවරු පැවසූවෙි සති කිහිපයකින් ඔහු තම පවුලේ අය සමග කාලය ගත කිරීමට ගෙදර යාමට අවශ්‍ය බව පැවසූ බවයි.

හදවත බද්ධ කිරීමේ සැත්කම සිදු කරනු ලැබුවේ බොල්ටිමෝර් වෛද්‍යවරුන් කණ්ඩායමක් විසිනි. සැත්කම සාර්ථක වුණු අතර, පළමු ඌරු හදවත් බද්ධයට ලක්වුණු පුද්ගලයා ලෙස බෙනට් ලොව ප්‍රසිද්ධියට පත් විය.

කෙසේ නමුත් පසුගිය කාලයේ බෙනට්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී ගිය බවත් පසුගිය මාර්තු 8 වැනිදා බෙනට් මියගිය බවත් වෛද්‍යවරු පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles