ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් අනතුරුව හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම සහ සි.බී රත්නායක යන මහත්වරුන් නව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.
තවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ ගාමිණි ලොකුගේ මහතාගේ අමාත්‍ය ධුර දෙකද එහිදි සංශෝධනයකට ලක් වී තිබුණා.