Friday, January 24, 2025

ඇමරිකාවෙන් රුසියාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

යුක්‍රේනය සහ රුසියානු හමුදාවන් අතර සිදුවූ දරුණු ගැටුමකින් අනතුරුව යුක්‍රේන පාලනයේ පැවති චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට රුසියානු හමුදාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රුසියාවේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා ඇමරිකාව විසින් රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම එරට ආරක්ෂක අංශ විසින් ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය, විදුලිබල පද්ධතිය ඉලක්ක කර ගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ මුලික ස්ථාන ලෙස ඔවුන් හඳුන්වා දී තිබේ.

කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා අවසන් නියෝග ලබාදී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles