අයවැයට කලින් විශේෂ කැබිනට් රැස්වීමක්

0
297

2022 වසර සඳහා වන අයවැය ලේඛනය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය වත්මන් රජයේ දෙවැනි අයවැය ලේඛනය වන අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයයි.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම පස්වරු 01.30 ට ආරම්භ වන අතර ඊට පෙර, පෙරවරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් වෙත දැනුම් දී තිබේ.

මෙම විශේෂ කැබිනට් රැස්වීම හේතුවෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ඊයේ නොපැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here