Friday, May 17, 2024

ඉල්ලීම් කරපු කාලෙ ඉවරයි දැන් අපි කොන්දේසි දමනවා – ශ්‍රීලනිපය ආණ්ඩුවට කොන්දේසි දමයි

වත්මන් ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන නමුත් තම පක්ෂයට ආණ්ඩුව තුළ නිසි තැන හිමි වී නොමැති බව ශ්‍රීලනිප උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට අඩු සැලකිලි හා කෙනෙහිලිකම් සිදුවන බව පෙන්වා දෙන විජයලාල් මහතා පවසන්නේ මෙම තත්වය මත තවදුරටත් ඉවසීමට පක්ෂය සූදානම් නොමැති බවයි.

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂයක් බවට ඉදිරියේදී ශ්‍රීලනිපය කටයුතු කරනු ඇති බවයි.

මෙතෙක් කල් විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ කිසිදු ඉල්ලීමකට ආණ්ඩුවේ නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බව පෙන්වා දෙන ශාන් විජයලාල් මහතා පවසන්නේ බලපෑම් සිදුකර,කොන්දේසි දමා හෝ ආණ්ඩුව තුළ හිමිවිය යුතු නිසි තැන හිමිකර ගැනීමට පක්ෂය කටයුතු කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles