Friday, January 24, 2025

අයි.ඩී.එච් රෝහලෙන් සුභ ආරංචියක්

අංගොඩ බෝ වන රෝ ග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කො වි’ඩ් රෝ ගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය.

රෝ හලට ඇතුළත් කෙරුණු රෝ ගීන් සංඛ්‍යාව මෙයට සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය.

එසේම කො වි’ඩ් ම*ර ණ සංඛ්‍යාවද පහත බැස ඇතැයි පැවසූ අත්තනායක මහතා ඔ ක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගී න් සංඛ්‍යාවද 30ත් 40ත් දක්වා පහත බැස ඇතැයි පැවසුවේය.ඔ ක්සිජන් අවශ්‍ය කෙරෙන රෝ ගීන් සංඛ්‍යාව මෙයට පෙර පැවතුණේ 70ක් වශයෙනැයිද අ ධ්‍යක්ෂවරයා කීවේය.

මේ අතර රෝහලේ සියලුම වාට්ටුවලට ප්‍රමාණවත් ඔ ක්සිජන් පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹා ඇතැයි හසිත අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ ආතර මෙරට තුන්වන කොවි’ඩ් රැල්ල පාලනය කිරීමේ අරමුණින් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනී තිය පැනවීමට රජය තීරණය කළේ පසුගිය අගෝස්තු මස 20 වනදා ය.

කෙසේ වෙතත් ඇඳිරිනී තිය පනවා දින 6ක් ගතවෙද්දී එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසා දිතයින් ගණන පසුගියදා වාර්තා විය.එම ගණන 5,961 කි.

නමුත්, 5,000 සීමාවේ පැවැති දෛනික ආසා දිතයින් වාර්තාවීම මේ වනවිට පහළ ගොස් ඇති බව පෙනීයයි.කොවි’ඩ් ර තු ක ලාපයට අයත් රටක් වන ශ්‍රී ලකාවට තවමත් ඉන් ඉවත්වීමට තරම් දෛනික ආසා දිතයින් වාර්තාවීමේ සැලකිය යුතු අඩුවක් දක්නට නොමැත.

සංචාරක කර්මාන්තය ඉ ලක්ක කර සිදුකෙරෙන එම වර්ගීකරණයන්ට අනුව ජනගහනයට සාපේක්ෂව දෛනික ආසා දිතයින් සංඛ්‍යාව 950 සීමාවට ගෙන ආ යුතු වේ.

-ලංකාදීප

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles