Thursday, May 16, 2024

“මෙි වෙලාවෙි මැතිවරණයක් ඉල්ලා සිටින අයගේ මොළය පරීක්ෂා කළ යුතුයි” – අනුරගෙන් සජිත්ට චෝදනාවක්

පවතින තත්ත්වය මත ආණ්ඩුව තවදුරටත් රට පාලනය කළ නොහැකි නිසා වහා මැතිවරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචනයක් එල්ල කරයි.

මෙවන් අවස්ථාවක මැතිවරණ ඉල්ලා සිටින අයගේ මොළය පරීක්‍ෂා කල යුතු බව කී පක්‍ෂ නායක අනුර දිසානායක මහතා මේ අවස්ථාවේ කල යුත්තේ විනාශය අවම කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කල යුතු බවත් ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කල යුතු බවත්ය.

බවයි සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය

‘මේ වගේ වෙලාවක මැතිවරණයක් ඉල්ලන කෙනාගේ මොළය පරීක්ෂා කරගන්න ඕනෑ. ඔය කණ්ඩායම් දෙකම හැමවෙලාවෙම කළේ පවතින පාලනය යම් අසාර්ථකත්වයකට පත්වීමේදී මෝහනයට පත්වීමයි. උද්දාමයට පත්වීමයි. රට හෝ ආර්ථිකය හෝ ජනතාව ගැන හැඟීමකින් කරන ප්‍රකාශ නෙවෙයි ඔය. පසුගිය මහ මැතිවරණය පැවැත්වීම කල් දැම්මේ දවසකට සීයක් විතර ආසාදිතයන් වාර්තා වෙද්දීයි. දවසකට දෙතුන් දෙනෙක් මියයෑම් වාර්තා වෙද්දී. අද දහස් ගණනක් ආසාදිතයන් වාර්තා වෙන, සිය ගණනක් මියයන තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ නැද්ද? මේ වෙලාවේ අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ විනාශය අවම කර ගන්න. ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කරන්න ඕනෑ. එහෙම නොකර ලාභ ලෙස බලය ලබාගන්න හිතන අයගේ අදහස් ගැන අපිට වෙන කියන්න දෙයක් නැහැ’

ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර මහතා මෙසේ අදහස් පල කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles