Monday, April 29, 2024

ඖෂධ අධිකාරියේ දත්ත මැකීයාම කුමන්ත්‍රණයක් ද ?

ශ්‍රී ලංකා දත්ත අවකාශය හෙවත් CLOUD පද්ධතිය යාවත්කාලීන කිරීම වළක්වාලමින් පනවා තිබූ නියෝගය ඉවත් කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කලේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අද එම නියෝගය ලබාදී ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තොරතුරු මැකී යාම සම්බන්ධ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී එම නියෝගය ලබාදී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටියේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.

ඔහු අධිකරණයට දන්වා සිටියේ මෙම දත්ත මැකීයාම මෙරටට නීති විරෝධී ලෙස ඖෂධ ආනයනය කරන ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණයක් විය හැකි බවයි.

මෙලෙස මැකී ගොස් ඇති දත්ත අතර අසාදුලේඛණ ගත කර ඇති ඖෂධ සමාගම්වල විස්තර පවා තිබී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

ඒ අනුව ඔවුන්ට නැවතත් ඖෂධ සම්බන්ධ ගණුදෙනු සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවද දිලීප පීරිස් මහතා කියා සිටියා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පුලුල් විමර්ශන සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් 09 වනදා සිදුකිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles