අය-වැය ට කැබිනට් අනුමැතිය එද්දි පාර්ලිමේන්තුව ඇතුලේ පිල් මාරු!

0
425

2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය අයවැය කතාව ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 1යි 30ට පමණයි.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අයවැය කතාව පැය එක හමාරකට පමණ සීමාවනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණ කළේ.

මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටි අනුර යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු පිරිසක් නව සන්ධානයකට එක්වී තිබෙනවා. ඒ අතරම සමගි ජන බලවේගයේ ප්‍රධාන චරිතයක් වූ දේශපාලඥයෙක් අය වැය අවසන් වීමත් සමග ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් ඇතිබවත්, නව ඇමතිමණ්ඩල දිවුරුම් දීමක් සමග සෞඛ්‍ය ඇමති ධුරය ඔහුවෙත හිමිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here