අර්ජුනගේ බෑණාගේ සමාගම ගැන අගමැති වාර්තාවක්‌ ඉල්ලයි

0
357

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාට අයත් බව කියන පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම පිළිබඳව තමාට සම්පූර්ණ වාර්තාවක්‌ ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

මෙසේ දැන්වීමට පෙර එම සමාගමේ පසුගිය වසර පහකට අදාළ මූල්‍යමය තත්ත්වය පිළිබඳවද අගමැතිවරයා විසින් වාචිකව කරුණු විමසා තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණාගේ බව කියන සමාගමක්‌ සම්බන්ධව මේ දිනවල සිදුකෙරෙන විවිධ චෝදනා පදනම් කරගෙන අගමැතිවරයා විසින් මෙම ලිඛිත වාර්තාව කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here