Tuesday, May 21, 2024

මෛත්‍රීගේ ප්‍රකාශය මට නම් පුදුමයක්‌ – මහින්ද කියයි

සීඅයිඩීය හා එෆ්සීඅයිඩිය සහ අල්ලස්‌ කොමිසම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරනවා නම් ඔවුන් සම්බන්ධව තීරණයක්‌ ගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය ගැන තමා පුදුමයට පත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (13 දා) ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කල්ගත වී හෝ මෙවැන්නක්‌ තේරුම් යැම වැදගත් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අද රට මුහුණපා ඇති ප්‍රශ්න හා ජීවන ගැටලු පිළිබඳව රටේ ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. නමුත් රට කරවන උදවියට මේ පිළිබඳව හරි අවබෝධයක්‌ නැහැ. මඩකලපුවේ මා කළ සංචාරයකදී එම ජනතාව රට මුහුණපා තිබෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඒවගේ සෑම පළාතකම ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව මා සමග කතාබහ කරනවා.

ඒත් පුදුමේ අද රට කරවන උදවියට රටේ ජනතාව මුහුණපා සිටින ප්‍රශ්න නොපෙනීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles