Wednesday, December 25, 2024

අර්ථසාධක අධිභාර බද්දට ආණ්ඩුවේ ඇතුළෙන්ම ඇමැති පිරිසකගෙන් විරෝධය

සේවක අර්ථසාධක අර්මුදල (ඊ.පී.එෆ්.) සහ සේවක භාරකාරිත්ව අරමුදල (ඊ.ටී.එෆ්.) ඇතුළු විශ්‍රාම අරමුදල්වල ලාභය මත 25%ක බදු අධිභාරයක් පැනවීමට එරෙහිව කැබිනට් අමාත්‍යවරුන් ගණනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව දේශය පුවත්පත වාර්තා කරයි

පෙබරවාරි 14 වන දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍යවරයාගේ මෙම තීරණයට දැඩිව සිය විරෝධය පළ කිරීමට මෙම අමාත්‍යවරු තීරණය කර තිබෙන බව පැවසේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම බද්ද ගැන සිය විරෝධය විවෘතව ප්‍රකාශ කර ඇති අතර උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර ඇතුළු තවත් අමාත්‍යවරැන් ගණනාවක්ම විරෝධය පළ කිරීමට නියමිත බව පැවසේ.

ඊ.පී.එෆ්. හා ඊ.ටී.එෆ්. අරමුදල්වල දැනට රුපියල් බිලියන 3000ක පමණ (රුපියල් ට්‍රිලියන 3ක පමණ) වත්කමක් තිබේ. එම අරමුදල්වලින් රජය දැනටමත් වසරකට 14%ක බද්දක් අයකරනු ලබයි. එක්වරක් පමණක් අයකරන බදු අධිභාරයද පැනවුණ පසු මේ වසරේ එම අරමුදල්වල ලාභය මත අය කෙරෙන බදු ප්‍රතිශතය 39%කි.

මෙම රාජ්‍ය අරමුදල් දෙකට අමතරව වාණිජ බැංකු සහ වෙනත් රාජ්‍ය අනුමත මූල්‍ය ආයතන මගින් මෙරට පෞද්ගලික විශ්‍රාම අරමුදල් (පෙන්ෂන් ෆන්ඩ්) 121ක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 ජනවාරි වනවිට ඒවායේ සමස්ථ වත්කම රුපියල් බිලියන 364ක් විය. පුද්ගලයන් 1,86.491ක් මේවායේ සාමාජිකත්වය දරති. එම අරමුදල්වල ලාභය මතද මෙම බදු අධිභාරය වැටෙයි.

මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් දේශය මේ ගැන විමසූ විට ඔහු සඳහන් කළේ මෙය එක්වරක් පමණක් අයකරන බද්දක් බවත් එයින් අරමුදල්වල ප්‍රතිලාභීන්ට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදුනොවන බවත්ය. බද්ද අය කෙරෙන්නේ සියලු ප්‍රතිලාභ ගෙවීමෙන් පසු ලබන ලාභය මත නිසා අරමුදල්වල සාමාජිකත්වයට බද්දෙන් අගතියක් සිදු නොවන්නේ යැයි හෙතෙම පැවසීය. මෙවැනි බද්දක් පසුගිය රජය සමයේද අයකළ අතර නව බද්දෙන් රුපියල් බිලියන 200ක පමණ ආදායමක් අපේක්ෂා කරන බව පසුගිය අයවැය ලේඛනය මගින් ප්‍රකාශ කළ බැව් හෙතෙම අවධාරණය කළේය. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය මගින් මෙහි වෙනසක් සිදුකළ යුතු බව තීරණය කළහොත් මුදල් අමාත්‍යංශය ඒ අනුව ක්‍රියාකරන බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles