අලි පැටියෙක් වැරදිලා දාලා ගිහින්..

0
1640

බලපත්‍රයක් රහිතව ඇත් පැටවෙක් තබාගැනීම ගැන චෝදනා එල්ලවෙලා අද හෙටම කූරු ගණින්නට සිදුවේවි කියලා බලාගෙන ඉන්න උන්නාන්සේ කෙනෙක් කියනවලු ඒ ඇත්පැටියා පන්සලේ වැරදිලා දාලා ගියපු එකෙක් කියලා.

උන්නාන්සේ දහ පොලේ දිවුරලා කියන විදිහට පන්සලේ තිබ්බ පෙරහැරකට ලංකාවේ හතර පැත්තෙන්ම ගෙනාපු අලි ඇත්තු උන්ගේ අයිතිකාරයෝ අරගෙන ගියත්, මේ ඇත්පැටවා වැරදිලා පන්සලේ දාලා ගිහින්ලු. පව් කියලා හිතිලා ඇත්පැටවා බලාකියාගත්ත එකට හරිනම් උන්නාන්සෙට සල්ලි දෙන්න ඕනලු. ඒත් වෙන්න යන්නේ උන්නාන්සෙට කූරු ගණින්න වෙන එකලු.

උන්නාන්සේ හිතනවා ඇත්තේ අලි පැටව් නිකන් බලු පැටව් ගාණට දාලා යනවා ඇති කියලා වෙන්න ඇතිලු. තව හිතනවා ඇති මේ රටේ ඉන්නේ කොණ්ඩේ බැඳපු චීන්නු කියලා

(CIA ගොසිප්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here