අලුත් පක්ෂයට යනව නම් යන්න-අපිට ඒක ප්‍රශ්නයක් නැහැ.

0
335

වක්‍රව සහාය නොදී කෙලින්ම අලුත් පක්ෂයට සහාය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට ඔහු මේ බව පැවසීය.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ –

“අලුත් පක්ෂයට යන ඕන අයට අපි කියනවා යන්න කියලා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ.

අපිට ඒක තර්ජනයක් නෙවෙයි. කයිවාරු ගහන්නැතිව, වක්‍රව පොහොට්ටුවට සහාය නොදී, ඒක උලුප්පලා තියන්න කටයුතු නොකර කරුණාකරලා යනවනම් යන්න.

අපිට ඒක හොඳයි. අපේ පක්ෂය පිරිසුදු කරගෙන යන්න පුළුවන්. පොහොට්ටුව පිපෙන්න නම් වතුර දාන්න ඕන.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here