Friday, May 17, 2024

‘බුදු දහම රකින්න රජය බැඳී සිටිනවා‘

1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරිම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (20) මහනුවරදි පැවැසිය.

නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේද කිසිදු වෙනස්කමකින් තොරව එම වගන්තිය සඳහන් ව ඇති බවත් රජය විසින් එය පැහැදිලිව කියා සිටියත් ඇතැමුන් එය විකෘති කර පළකරන බවත් එයින් රටේ ජනතාව ඒ සම්බන්ධව සැකක් හා බියක් ඇති කර නොගත යුතු බවත් ඇමැතිවරයා කීවේය.

ජාත්‍යන්තර වෙසක් දින උත්සවය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ එසේ කී ඇමැතිවරයා මෙරට පමණක් නොව ලෝකයේ ඒ ඒ රටවල් වල ආගම් හා ජාතින් ඒ රටවල ආගම් වලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ඇති  බවත් එයින් කිසිසේත් අනිකුත් ආගම් වලට හා ජාතින්වලට අඩු හෝ අසමාන සැලකිමක්වත් දක්වා නැති බවත් කීවේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles