අවුන් සාන් සුකී වසර 4කට සිරගත කරයි

0
517

මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී ව වසර 4කට සිරගත කර ඇතැයි වාර්තා වෙයි.

ඇයට එරෙහිව චෝදනා රාශියක් ගොනුකර තිබූ අතර අනවසරයෙන් “ගමන් කථනයක්” තමා සතුව තබා ගැනීම ඉන් එක චෝදනාවකි.

එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින්, එම උපකරණ තමා සතුව තබාගෙන සිටි බවටද ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක් ද ලබාදිය යුතු බවට නියෝග කර තිබුණි.

එම දඬුවම් ද්විත්වයම එකවර ගෙවීයන පරිදි නියෝගය නිකුත්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here