Friday, May 17, 2024

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටුණොත් බොහෝදෙනා තුළ කුතුහලයක් ඇතිවීම වැළැක්විය නොහැක.

නමුත් ඊයේ (10) එවැනි සිදුවීමක් අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නගරයෙන් වාර්තා විය

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කුඩා සැහැල්ලු ගුවන් යානයක් දුම්රියක ගැටෙන අයුරු ජංගම දුරකථනයක් මගින් වීඩියෝ කර තිබු පුවතක් රොයිටර් වාර්තා කළේය..

දුම්රියේ ගැටුණු කුඩා ගුවන් යානය සුනුවිසුණු වූ නමුත් යානයේ නියමුවා බේරා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලිස් නිලධාරීහු සමත් වි තිබේ. යානය දුම්රිය මාර්ගයට නුදුරින් පිහිටි ස්ථානයකින් ගුවන්ගත වී ඇති බවත්, ගුවන්ගත වූ සැණින් එහි දෝෂයක් හටගෙන ඇත. නියමුවා යානය, කෙසේ හෝ ගොඩ බා ඇත්තේ දුම්රිය හරස් මාර්ගයක් මතටය.

එම අවස්ථාවේදී රේල් ගේට්ටු වැසී තිබුණු අතර, දුම්රියක් ධාවනය වෙමින් තිබුණි.අවට සිටි පොලිස් නිලධාරීන් කීපදෙනකු වහා ක්‍රියාත්මක වී යානයේ නියමුවා පිටතට ගත් සැණින් දුම්රිය යානයේ ගැටෙන අයුරු වීඩියෝ දසුන්වල දකින්න ලැබේ.

යානයේ සිටින්නේ ද නියමුවා පමණි. තුවාල ලැබූ ඔහු කඩිනිමින් රෝහල් ගත කෙරුණි. මෙම සිදුවීම ජංගම දුරකතනයෙන් රූගත කිරීමට අසල සිටි තරුණියෙකු සමත් වි තිබේ

වේගයෙන් ධාවනය වූ දුම්රියට සුළු හානි සිදුවී ඇති නමුත්, දුම්රියේ රියැදුරන්ට හෝ දුම්රියේ සිටි වෙන කිසිවකුට හෝ අනතුරක් සිදුනොවිණි.

එම ගුවන් යානයේ සිටි නියමුවාව බේරා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles