අසාධාරණ සහ අහේතුකව මාධ්‍යවේදී උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට…

0
573

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදීයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, යෝජිත කම්කරු නීති හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ඇතුළු අයි.එම්.එෆ් යෝජනා යනාදියට විරෝධය පළකරමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණා.


මේ අතර, කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කුරුඳුවත්ත පොලිසිය මගින් වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට අද පමුණුවනු ලැබිමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණා.

ඒ් අතරතුරදී මාධ්‍යවේදියකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුට පහර දී ඇති අතර, ඉන්පසු බොරැල්ල පොලිසියට රැගෙන විත් තිබේ.

පොලිසිය විවින් විරෝධතාකරුවන්ට ජාල ප්‍රහාර එල්ලකරමින් සිටියදී එය වාර්තා කිරීමට මාධ්‍යවේදියා උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුට බැණ වදිමින් පොලිස් ජීප් රථයක් අසලට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ වෘත්තීය කටයුතුවලට බාධා කරමින් ය.

බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් මුලදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිස් ඇප ලබාදෙන බව පැවසුවද, පසුව දැනුම් දී තිබුණේ ඔහු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එහෙත් මෙතෙක් ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here