Saturday, July 27, 2024

ඉන්දීය ආරක්ෂක උපදේශක බ්‍රික්ස් මිතුරන් හමුවෙයි

BRICS නියෝජතියන් සහ BRICS රටවල මිතුරන් වන බෙලරුස්, බුරුන්ඩි, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, කසකස්තානය සහ කියුබාවේ නියෝජිතයන් දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර් නුවරදී හමු විය.

මෙම හමුවේදී සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෘත්‍රිම බුද්ධිය, විශාල දත්ත වැනි තාක්‍ෂණයන්ගේ පැමිණීමත් සමඟ සයිබර් අවදානම් වැඩි වන බව NSA ඩොවාල් අවධාරණය කර තිබේ.

මූල්‍යකරණය, මුදල් විශුද්ධිකරණය, රැඩිකල්කරණය, බඳවා ගැනීම් සහ සුරක්ෂිත සන්නිවේදනය සඳහා සයිබර් අවකාශය භාවිතා කිරීම ඇතුළුව සයිබර් අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් අතර ඇති සම්බන්ධකම් ද ඔහු අවධාරණය කළේ ය.

සයිබර් ආරක්ෂණයෙන් පැන නගින අභියෝග සමඟ කටයුතු කිරීමට සාමූහික ප්‍රයත්නවල අවශ්‍යතාවය ඩොවාල් අවධාරණය කළ බව ඔවුහු පැවසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles