අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාරිභෝගික අයි‘තින් සුරකිමේ සංවිධානයේ සභාපති අසේල සම්පත්ට තරයේ අවවාද කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප මත මුදා හැර තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරීයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අදාලවයි ඔහු අත්අඩංගුවට ගැණුනේ.
ඇස්ට්‍රාසෙනික කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා අසේල සම්පත් අසත්‍ය ප්‍රචාර පැතුරවා ඇති බවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.