ආණ්ඩුවට මුදල් ප්‍රශ්න නෑ – ඇති තරම් සල්ලි තියෙනවා ජොන්ස්ටන් නැවතත් කියයි

0
297

ආණ්ඩුවට සල්ලි තිබෙන බවත් සල්ලි නැතිනම් ගෙදර සිටින රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිය නොහැකි බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සල්ලි නො තිබුණේ පසුගිය ආණ්ඩුවට බවත් එම ආණ්ඩුව බංකොලොත් වූ බවත් ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් වත්මන් ආණ්ඩුව බංකොලොත් වී නැති බවද පැවසූ ඔහු සියළු රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනාද සමගින් සම්පූර්ණ වැටුප නියමිත දිනට ගෙවමින් සිටින්නේ යයිද සදහන් කරයි.

නිරීක්‍ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය කල විමසීමකට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here