Friday, May 17, 2024

විදුහල්පතිවරු රාජකාරිය පැහැර හැරලා – විභාග කොමසාරිස්

මෙවර අපොස උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ අයදුම්පත්‍ර මෙතෙක් විභාග දෙපාර්තමේන්තුවට යොමු නොකළ විදුහල්පතිවරුන් ඔවුන්ට පැවරී තිබෙන රාජකාරිමය වගකීමක් පැහැර හැර තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර අදාළ අයදුම්පත්‍ එවිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

දිනමිණ මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව කීය. අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමට දී තිබූ කාලසීමාව මේ මස 15 දායින් අවසන් විය.

ගුරු හා විදුහල්පති වැඩ වර්ජනයට සම්බන්ධව සිටින විදුහල්පතිවරුන් මෙවර අපොස උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ කටයුතුවලින්ද ඉවත්ව සිටීමට තීරණය කර තිබේ.

මෙවර අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති දැයි විමසූ විට විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එවැනි කිසිදු තීරණයක් ගෙන නැති බවයි. අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දා සිට දෙසැම්බර් 10 දා දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දාත් පැවැත්වීමට නියමිතය. මේ වසරේ මාර්තු මස පැවැත් වූ අපොස සාමාන්‍ය පෙළ – 2020 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles