ආණ්ඩුවට රතු එළියක්..

0
339

මහජනතාවගේ න්‍යාය පත‍්‍රය හැර වෙනත් න්‍යාය පත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසනවා. ජනවාරි 08 පැතූ යහපාලනය මේකද? යන තේමාව ඔස්සේ කොළඹ මහජන පුස්තකාලයේ ඊයේ පැවති සමුළුවක් අමතමින් සරත් විජේසූරිය මහතා මේ බව කියා සිටියා.

දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමේදී පක්ෂ හෝ පාට භේද නොසැලකිය යුතු යැයි ආණ්ඩුවට රතු එළි දල්වන බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා මෙහිදී කියා සිටියේ දූෂිත පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීම ප‍්‍රමාද වීම පිළිබඳ තමන් කලකිරීමට පත්ව සිටින බවයි.

මේ අතර මෙම සමුළුව ආරම්භ කරන අවස්ථාවේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සිහි නොකළ බව පවසමින් කිහිප දෙනෙකු ඊට විරෝධය පළ කරමින් කලහකාරී ලෙස හැසිරුණා. එහිදී අදහස් දැක්වූ කථිකයන් පෙන්වා දුන්නේ සෝභිත හිමියන්ට දක්වන සැබෑ ගෞරවය වන්නේ උන්වහන්සේ පැතූ සැබෑ යහපාලනය රට තුල ස්ථාපිත කිරීම බවයි. තමන් ඒ වෙනුවෙන් නිරන්තරව පෙනී සිටින බවද ඔවුන් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here