Thursday, May 2, 2024

වායු බලාගාර 5 ක් ලගදීම ආරම්භ වේ

ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර පහක් පමණ දිවයින පුරා ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත්, ඒසම්බන්ධ ප්‍රධාන පර්යන්තය (ටර්මිනලය) කෙරවලපිටියේදී ඉදිකරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා අද ට පැවසීය.

ඒ අනුව අදාළ පර්යන්තය මේවසරේ ඉදිකරන බවත්, ඉදිරියේදී  ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර මෙරට වැඩිවශයෙන් ඉදිකිරීමේ හැකියාව පිළිබඳව සොයාබලන බවත් බටගොඩ මහතා ප්‍රකාශකළේය.

එමෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධති මාර්ගයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ශක්‍යතා අධ්‍යයනය කිරීමේ යෙදී සිටින බවත්, මේවසර අවසන් වනවිට ඒපිළිබඳ අවසන් වාර්තාව සැකසීමට හැකියාව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles