ආණ්ඩුවේ අමාත්‍යවරු පත් කිරීමට එරෙහිව පෙත්සමක් ‌ශ්‍රේෂ්ඨාධිකරණයට

0
326

ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීති විරෝධී යැයි තීන්දු කොට එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියළුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුලු 82 දෙනෙකු නම්කර තිබේ.

නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ (ආ) ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එම ව්‍යවස්ථාව මගින් පනවා ඇති සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා විසින් වැඩිපුර පත්කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු එම පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි කියා සිටියේය.

ඒ අනුව ඉකුත් ජුනි මස 07 වන දායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here