ආණ්ඩුවේ කැරළිකාර පක්ෂ විමල්ගේ ගෙදරට! – රට ගොඩනගන්න සැලැස්මක් හදනවලු!

0
246

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම හෙට දිනයේදී යළිත් රැස්වීමට නියමිත බව වාර්තා වේ.

රට ගොඩනැගීම සඳහා විශේෂ යෝජනාවලියක් සකස් කර ආණ්ඩුව බාරදීමට පක්ෂ 11 කණ්ඩායම තීරණය කර ඇති අතර මෙම යෝජනාවලිය සකස් කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම යෝජනාවලිය මාර්තු 02 වැනිදා ආණ්ඩුවේ නායකයන්ට බාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩොලර් අර්බුදය, බලශක්ති අර්බුදය, ජීවන මිල ඉහළ යාම ඇතුළු රට මුහුණ දී සිටින බරපතල ප්‍රශ්න ගණනාවකට ගතයුතු විසඳුම් මෙම යෝජනාවලිය හරහා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට පක්ෂ 11 කණ්ඩායම සූදානමින් සිටී.

ඒ අනුව ඊට අදාළ යෝජනාවලියක් සකස් කොට ලබන මස 2 වැනිදා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට මෙම කණ්ඩායම තීරණය කොට ඇති බවද වාර්තා වේ.

මෙහි ඊළග රැස්වීම හෙට දිනයේදී විමල් වීරවංශ මහතාගේ හෝ උදය ගම්මන්පිල මහතාගේ නිවසේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here