Sunday, May 19, 2024

පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට ජස්ටින් ලැන්ගර් පත්කිරීමේ සූදානමක් ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා බඳවා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසන්නේ.

හිටපු ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා සමුගැනීමෙන් පසුව මාස කිහිපයක් තිස්සේ එම තනතුර පුරප්පාඩු වී තිබෙන අතර මේ දක්වා සුදුසු පුහුණුකරුවෙකු තෝරා ගැනීමට ක්‍රිකට් බළධාරීන් අසමත් වී තිබේ. මේ වනවිට වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රුමේෂ් රත්නායක මහතායි.

ජස්ටින් ලැන්ගර් පසුගියදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීම ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝදෙනාගේ විමතියට හේතු විය.

ලැන්ගර් යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සාර්ථකත්වයට පත් වූ අතර අවසන් වරට පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2019 එක්දින ලෝක කුසලානයද හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles