ආණ්ඩුව බිඳ දැමීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි

0
879

නියමිත කාලයට පෙර ආණ්ඩුව බිඳ දැමීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ජන වරමට අනුව නියමිත ධුර කාලය තුළ රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කරන බවය.

ඌව වෙල්ලස ජනතාවට ඉඩම් බලපත්‍ර  සහ දිමනා පත්‍ර 10,000ක් ලබාදීම වෙනුවෙන් වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති දෙරණාභිෂේක මහෝත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නියගය හමුවේ මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න සියයට 40කින් පමණ අඩු වුවද බොහෝ දෙනා අපේක්ෂා කළ ආකාරයේ විපතක් රටට සිදු නොවූ බවය.

මේ අතර වැල්ලවාය මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) සිදු සිදු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here