Monday, May 6, 2024

සුමන්තිරන් ඝාතන තැත-සැකකරුවන් යළි රිමාන්ඩ්

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනයට තැත් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව අද(13) කැඳවූ අවස්ථාවේදී ඔවුන් ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් ආනන්ද රාජා මහතා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ කන්නන් හෙවත් අනොජන් නමැති තවත් සැකරුවෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ නීති පාර්ශවය විසින් මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කර ඇති බවත් සඳහන්ය.
අදාළ සැකකරු ඔස්ට්‍රේලියාවේ පදිංචි බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔහු  අත්අඩංගුවට ගැනීම සඳහා
ජාත්‍යන්ත පොලීසියේ සහය ලබා ගැනීමට ත්‍රස්ත මර්දන පොලීසිය විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් සිදු කළ ඉල්ලීමට  කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා විසින් අවසර ලබා දුන් බවද අද දෙරණ වාර්තාකරු කියා සිටියේය.
එමෙන්ම මෙම සැකකරුවන් දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔවුන් වව්නියාව බන්ධනාගාරය වෙත මාරු කර යවන ලෙස සැකකරුවන්ගේ පාර්ශවයේ නීතීඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේවුවද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ප්‍රශ්න කිරීම් සිදුකිරීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles