Sunday, January 19, 2025

ආර්ථිකයට බරපතලයි. අමාරැ තීරණ රැසක් ඉදිරියේදී ගන්නට වෙනවා

ඉදිරියේදී අපහසු තීන්දු කිහිපයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ඩොලර් ආදායම් විශාල වශයෙන් අහිමි වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවූ බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද සඳහන් කළේය.

තවදුරටත් ණය ලබා ගැනීමට ආණ්ඩුවට අදහසක් නොතිබූ නමුත් පසුගිය වසර දෙකක කාලය තුළ රට මුහුණ දුන් තත්ත්වය මත ආර්ථික වශයෙන් අසීරු තත්වයකට රට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles