Monday, January 20, 2025

ආර්ථිකය ගැන ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරිනම් කොහොමද රට පාලනය කරන්නේ ?

“ආර්ථිකය මෙහෙයවන්න පලපුරුද්ද තියෙන්න ඕනේ.පාර්ලිමේන්තුවේ හැම අමාත්‍යාංශයකටම කාර්ය සාධක බලකායක් පත්කරලා. ඇමතිවරුන්ට වැඩක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක වුනාට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා.දේශීය, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා හිටියා.අවසානයේ ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා ආර්ථීකය ගැන නමුත් උත්තර දුන්නද ? සිරස ලක්ෂපති එකේ ලයිෆ් ලයින් එක වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලයිෆ් ලයින් එකක් ඉල්ලුවා.

ආර්ථිකය ගැන ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරිනම් කොහොමද රට පාලනය කරන්නේ? නමුත් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාධ්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා”

විපක්ෂ නායක කාර්යාලයෙදි මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත මෙම අදහස් පළ කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles