ආසාත්මිකතා ඇති අයත් කොවිඩ් මර්ධන එන්නත ලබා ගන්න – වෛද්‍ය චන්දිම ජීවන්දර

0
285

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එන්නත්වලට පමණක් ආසාත්මිකතා හට ගන්නා පිරිස හැරෙන්නට ආහාර ආදී අනෙකුත් ආසාත්මිකතා ඇති අය කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවට දැනුම් දෙයි.

නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එන්නත් මධ්‍යස්ථාන වෙත යන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here